රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
හැකිළෙන බදු පදනම මගින් දැනට බදු ගෙවන්නන් මත ඇති බදු බර වැඩි කරයි

පුද්ගලයෙකුට ආදායම් බද්ද ගණනය කෙරෙන්නේ, PAYE / APIT යටතේ ආදායම් බදු ගෙවන සේවකයන් සහ තනි පුද්ගල බදු ගෙවන්නන් ඇතුළත් වන ලියාපදිංචි මුළු බදුගෙවන්නන්ගෙන්, ආදායම් බදුවලින් ලැබෙන මුළු රාජ්‍ය ආදායම (PAYE ඇතුළුව) බෙදීමෙනි. PAYE වෙනුවට APIT ගෙන එමින් සිදුවූ බදු ප්‍රතිපත්ති වෙනස්කම් සහ ආදායම් බදුවල බදු සීමාව වැඩි කිරීම නොතකා, 2019 දී ශ්‍රීලංරු 192,365 ක් වූ පුද්ගලයෙකුට ආදායම් බදු 2020 දී ශ්‍රීලංරු 231,624 ක් වූ අතර එය 20%ක වැඩි වීමකි. මෙම වැඩිවීම සිදු වීමට බලපෑ ප්‍රධාන හේතුව වූයේ ලියාපදිංචි බදු පදනමේ පහළ යාම මුළු ආදායම් බදු ආදායමේ පහළ වැටීමට වඩා වැඩි වීම යි, එනම් දැනට ආදායම් බදු ගෙවන්නන් වඩා වැඩියෙන් ගෙවීමයි. 

සිරස්තලය: ශ්‍රී ලංකාව තුළ පුද්ගලයෙකු කෙතරම් ආදායම් බද්දක් ගෙවන්නේ ද?

2020 දී පුද්ගලයෙකුට වාර්ෂික ආදායම් බද්ද ශ්‍රීලංරු 231,624 ක් වූ අතර එය 2019 ට සාපේක්ෂව 20.4% ක වැඩි වීමකි.

 

2022-03-30
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න