රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2024 දී අවුරුදු කැවිලි මේසයක වියදම

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සඳහා සාම්ප්‍රදායික කැවිලි මේසයක් පිළියෙළ කිරීමේ වියදම 2023 ට සාපේක්ෂව 2024 දී අඩු වී ඇති නමුත් එය 2019 දී දරන ලද වියදම මෙන් දෙගුණයකටත් වඩා ඉහළ මට්ටමක පවතී.

2024 දී අවුරුදු රසකැවිලි අමුද්‍රව්‍යවල පිරිවැය 2023 ට වඩා 2% අඩුව ඇති බව එයින් පෙන්නුම් කෙරේ. 2019 වසරට සාපේක්ෂව 2023 දී අමුද්‍රව්‍යවල පිරිවැය 2.3 ගුණයකින් වැඩි වී ඇත. 2024 දී මෙය 2019 පිරිවැය මෙන් 2.2 ගුණයකි.

අවුරුදු කැවිලි මේසය, සෞභාග්‍යය සහ සතුට සංකේතවත් කරන සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය රසකැවිලි වලින් යුක්ත වේ. ගෘහාශ්‍රිත විවිධත්වයන් තිබුණද, කැවිලි මේසයක පොදු අංග අතරට කිරිබත්, කොකිස්, කෙසෙල්, අලුවා, කැවුම්, දොදොල්, මුං කැවුම් සහ බටර් කේක් ඇතුළත් වේ. මෙම විශ්ලේෂණය සඳහා පුද්ගලයින් 4-5 දෙනෙකුගෙන් යුත් නිවසක් සඳහා, යූ-ටියුබ් නාලිකාව වන “අපේ අම්මා” හි වට්ටෝරු මත පදනම් වූ අමුද්‍රව්‍ය ප්‍රමාණ භාවිතා කරන ලදී. කුළුබඩු සමග විදුලිය සහ ගෑස් වැනි උපයෝගිතා, සදහා වූ පිරිවැය, මෙම ගණනය කිරීම් වලදී සැලකිල්ලට ගෙන නැත. 2019 (අප්‍රේල් පළමු සතිය), 2023 (අප්‍රේල් පළමු සතිය) සහ 2024 (මාර්තු තෙවන සතිය) සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ විවෘත වෙළෙඳපොළ සතිපතා සාමාන්‍ය සිල්ලර මිල ගණන්වලින් සහ සෘජුවම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) වෙතින් දත්ත ලබා ගන්නා ලදී.

2024-04-06
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න