රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2021 අයවැය තුලින් ලබා දුන් සෞඛ්‍ය අංශයට අදාල ප්‍රතිපත්තිමය පොරොන්දු රජය විසින් ඉටු කරලද?

‘ජාතික ප්‍රතිපත්ති රාමුව: රට හදන සෞභාග්‍යයේ දැක්ම’  රජයේ නිල ප්‍රතිපත්ති ලේඛනයයි/ප්‍රකාශයයි. එනිසා මෙම ප්‍රතිපත්ති ලේඛනයේ සඳහන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජය බැඳී සිටීයි. මෙම ප්‍රතිපත්ති බහුතරයක් ක්‍රියාත්මක කිරීම සඳහා මූලික පියවරක් ලෙස රජය ජාතික අයවැය තුලින් මුදල් වෙන් කළ යුතුය.

මෙම ග‍්‍රැෆික් සටහන මගින් සෞඛ්‍ය අංශයට අදාල ප්‍රතිපත්ති, 2021 අයවැයෙන් ලබා දෙන ප්‍රතිපාදන සමග  දක්වයි

 

පූර්ණ ප්‍රතිපාදන - ප්‍රතිපත්ති යෝජනාවේ සියලු අංග සඳහා ප්‍රතිපාදන ලබා දී ඇති නමුත්, ලබා දුන් සියලු ප්‍රතිපාදන මුදල් ප්‍රමාණවත් දැයි සහතික කිරීමට නොහැක.

අර්ධ ප්‍රතිපාදන - ප්‍රතිපත්ති යෝජනාවේ සමහර අංග සඳහා ප්‍රතිපාදන ලබා දී නොමැත

ප්‍රතිපාදන රහිත - ප්‍රතිපත්ති යෝජනාවේ කිසිඳු අංගයක් සඳහා ප්‍රතිපාදන ලබා දී නොමැත

 

සටහන: මෙම අධ්‍යයනයට අයවැය ප්‍රතිපාදන අවශ්‍ය ප්‍රතිපත්ති පමණක් සලකා ඇත. රෙගුලාසි, පාලනය සහ නෛතික ව්‍යුහයන් වෙනස් කිරීමට අවශ්‍ය වන ප්‍රතිපත්ති කිසිවක් අඩංගු කර නොමැත.

 

ශ්‍රී ලංකා ජාතික රෝහල ජාත්‍යන්තර මට්ටමට වැඩිදියුණු කිරීම සහ සෑම දිස්ත්‍රික්කයකමම ඇති සියළුම රෝහල් ජාතික රෝහලේ මට්ටමට ඉහළ නැංවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන ප‍්‍රතිපත්තිය පිළිබඳ වැඩි විස්තර පහත වීඩියෝවෙන්.

ජාතික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සඳහන් වන එක් එක් ප‍්‍රතිපත්ති ගැන පූර්ණ අවබෝධයක් ලබාගැනීමට, එම එක් එක් ප‍්‍රතිපත්තියට වෙන්කර ඇති මුදල් ප‍්‍රතිපාදනයන් ගැන තොරතුරු දැනගැනීමට සහ ගෙවුණු වසර කිහිපය අතර සංසන්දනයක තොරතුරු දැනගැනීමට, ‘2021 අයවැය පිළිබද ප‍්‍රසිද්ධ වාර්තාව- වියදම් සඳහා වෙන්කෙරෙන ප‍්‍රතිපාදනය හා බදුකරණ ප‍්‍රතිපත්ති රජයේ ප‍්‍රතිපත්තියට අනුකූලද යන්න පිළිබඳ විමසීම’, යන අපගේ වාර්තාව බලන්න.

2021-04-05
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න