රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ඉටුකම කොවිඩ්-19 අරමුදලෙන් රජය වැය කර ඇත්තේ 10.6% ක් පමණි

2020 මාර්තු 23 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් “ඉටුකම” කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ආරම්භ කරන ලදී. අරමුදලේ අරමුණ වූයේ “රට තුළ කොවිඩ්-19 වෛරසය පැතිරීම පාලනය කිරීම සහ ඒ ආශ්‍රිත සමාජ සුබසාධන වැඩසටහන් ඉලක්ක කරගත් ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීමයි”. මෙම අරමුදලට මුදල් යෙදවූයේ ආයතන සහ පුද්ගලයන්ගෙන් ලැබුණු පරිත්‍යාග මගිනි.

අරමුදල භාවිතා කර ඇති ආකාරය තක්සේරු කිරීම සඳහා, වෙරිටේ රිසර්ච් ආයතනය විසින් 2021 ඔක්තෝබර් 21 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයට තොරතුරු දැනගැනීමේ (RTI) ඉල්ලීමක් ගොනු කරන ලදී. මෙම ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්, ජනාධිපති ලේකම් කාර්යාලය 2021 සැප්තැම්බර් 30 වන විට මුළු අරමුදල් ශේෂය රුපියල් මිලියන 1,800 ඉක්මවන බව දක්වා ඇත.

කෙසේ වෙතත්, උපදේශන වැඩසටහන (රුපියල් මිලියන 67.5), PCR පරීක්ෂණ (රුපියල් මිලියන 42.6), ජාතික එන්නත් වැඩසටහන (රුපියල් මිලියන 41.6), නිරෝධායන පහසුකම් (රුපියල් මිලියන 38.0) සහ දැඩි සත්කාර ඒකකඇඳන් මිලදී ගැනීම (රුපියල් මිලියන 7.8) වැනි ක්ෂේත්‍ර සඳහා 2021 සැප්තැම්බර් 30 වන විට මෙම මුදලින් වැය කර ඇත්තේ 10.6% (රුපියල් මිලියන 197.4) පමණි.

2022-01-10
1 අදහස්
This Fund was created for a purpose. It is unfair for keeping a large percentage of fund unspent as many urgent needs relating to COVID to be met. Donors of the fund and the beneficiaries both were mistreated.
P.Algama
03 Feb 2022
ඔබේ අදහස් දක්වන්න