රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ශ්‍රී ලංකාවේ වරාය සහ පර්යන්ත හිමිකරුවන් / ලීසිං හෙවත් කල්බදු පදනම මත ගෙන ඇති අය කවුද?

1999 ට පෙර, වරායවල ඇති සියලුම පර්යන්ත සහ වරායන් 100% ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) විසින් පාලනය කරන ලදී. එය ශ්‍රී ලංකා රජය සතු රාජ්‍ය ව්‍යවසායකි.

කොළඹ වරායේ දකුණු ආසියා ගේට්වේ පර්යන්තය (SAGT) වසර 30 ක කාලයක් සඳහා කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රථම වතාවට 1999 දී රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ගිවිසුමක් (PPP) අත්සන් කළේය.

2011 දී වසර 35 ක ගොඩනැගීම්, මෙහෙයුම් සහ හුවමාරු ගිවිසුමක් (BOT) යටතේ චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් කම්පැනි ලිමිටඩ් (China Merchants Port Holdings Company Limited), එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී (Aitken Spence PLC) සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර හවුල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන ලද ඊළඟ පර්යන්තය කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයයි (CICT). ආරම්භයේ දී චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් හට CICT හි 55% ක් ද එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී හට 30% ක් ද ශ්‍රී ලංකා වරාය අධිකාරිය හට 15% ක් ද හිමි විය.

2018 දී මුලින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පාලනය යටතේ පැවති හම්බන්තොට වරාය චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් (සී. එම්. පෝර්ට්) හට හවුල් ව්‍යාපාරයක් ලෙස වසර 99 ක් සඳහා බදු දුන්නේය. සී. එම්. පෝර්ට් (CM Port) ඇමරිකානු ඩොලර් මිලියන 1,120 ක් දක්වා හම්බන්තොට වරායට ආයෝජනය කළේය. නිකුත් කරන ලද 85% කොටස් ප්‍රාග්ධනය අත්පත් කර ගැනීම සඳහා සීඑම් පෝර්ට් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 974 ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට ගෙවූ අතර ඉතිරි 15% ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව විය. මෙය හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) ලෙස නම් කරන ලදී. පසුව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය විසින්  හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා (HIPS) නිකුත් කරන ලද කොටස් ප්‍රාග්ධනයෙන් 58% ක් අත්පත් කර ගත් අතර ඉතිරි 42% ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේම පැවතිණ. වරායට කළ ආයෝජනයෙන් පසුව සී. එම්. පෝර්ට් හට ඉතිරි වූ ඇමරිකානු ඩොලර් මිලියන 146 ඒම සමාගමේ නමින් මෙරට බැංකු ගිණුමක තැන්පත් කරන ලදී. පසුව C.M.Port විසින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) හි සිය කොටස් වලින් 20% ක් ෆුජියන් ට්‍රාන්ස්පෝට් (Fujian Transport) හට විකුණන ලදී.

1999 න් පසු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 100% ක හිමිකාරිත්වයක් සහ පාලනයක් පවතිනු ඇතැයි සැළකෙන  අළුතින් සංවර්ධනය කරන ලද එකම පර්යන්තය වන්නේ කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයයි.

2021-03-26
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න