රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
Where's the promised land?

ශ්‍රී ලංකාව තුළ විදේශීය සෘජු ආයෝජන (FDI) වළක්වන තීරණාත්මක බාධකයක් ලෙස ඉඩම් ප්‍රවේශය හඳුනාගෙන ඇත. ආයෝජන කලාප, මූලික වශයෙන් අපනයන සැකසුම් කලාප (EPZs), විදේශීය සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා සැලකිය යුතු ලෙස බලපායි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ අපනයන සැකසුම් කලාප දැනට සම්පූර්ණ ධාරිතාවයට ළඟා වෙමින් සිටී. 

මෙම ගැටලුවට පිළියම් යෙදීමට වසර ගණනාවක් තිස්සේ අයවැය කිහිපයක උත්සාහයන් ඉදිරිපත් කර ඇතත්, ලබා දී ඇති යෝජනා කිසිවක් ඉටුනොකළ අතර මෙම ගැටලුව දිගින් දිගටම පවතිනු දක්නට ලැබේ. 2023 දී “නව ආර්ථික කලාප වැඩසටහන” නම් වූ අයවැය යෝජනාව රුපියල් බිලියන 0.3 ක ප්‍රතිපාදන සහිතව ඉදිරිපත් කරන ලද නමුත් මෙම යෝජනාවේ ප්‍රගතිය සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ කිසිදු තොරතුරක් ශ්‍රී ලංකා රජය විසින් මෙතෙක් මහජනතාවට හෙළිකර නොමැත. මෙමඟින් මෙම ගැටලුවේ බරපතලබව පැහැදිලි වේ. 

2023 අයවැය කතාව මඟින් ඉදිරි වසර 10 තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 3කට වැඩි විදේශීය සෘජු ආයෝජන ඉලක්ක කරන නමුත් ආයෝජනයට ප්‍රමාණවත් ඉඩම් නොමැතිව ශ්‍රී ලංකාවට මෙම ඉලක්කය සපුරා ගත හැකිද සහ පොරොන්දු වූ ඉඩම් සහ යටිතල පහසුකම් ලැබෙන්නේ කවදාද යන්න පිළිබඳව සැලකිය යුතු ප්‍රශ්න මතු වේ.

2023-11-01
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න