රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2021 වසරේ රාජ්‍ය ආදායම ප්‍රමාණවත් වූයේ එම වසරේ රාජ්‍ය වියදමෙන් 41%ක් පියවීමට පමණි

2021 වසරේදී රාජ්‍ය ආදායමෙන් ආවරණය කර ගැනීමට හැකිව ඇත්තේ එම වසරේ රාජ්‍ය වියදමෙන් 41% ක් පමණ වන අතර පුනරාවර්තන වියදම් ආවරණය කරගැනීමට පවා එම වසරේ රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නොවීය. සමුච්චිත රාජ්‍ය වියදමෙහි ඇතුළත් විශාලතම පුනරාවර්තන වියදම් වන වැටුප් හා වේතන සහ පොලී ගෙවීම් සඳහාද 2021 වසරේ ආදායම ප්‍රමාණවත් නොවේ.

1983 වසරේ සිටම ශ්‍රී ලංකාවේ ආදායම, පුනරාවර්තන වියදම් ආවරණය කරගැනිමට ප්‍රමාණවත් නොවීය. පසුගිය වසර කිහිපය තුළ රාජ්‍ය පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් අඛණ්ඩව වර්ධනය වී ඇත්තේ එම වියදම් අවම කිරීම අසීරු බව සනාථ කරමිනි. නමුත් මෙම රාජ්‍ය වියදමේ ඉහළ යාමට සාපේක්ෂව රාජ්‍ය අදායම ඉහළ නොයාම ආර්ථීකමය වශයෙන් ගැටළුකාරී තත්ව ඇතිකිරීමට සමත්ව ඇත. දිගින් දිගටම ඉහළ යන අදායම සහ පුනරාවර්තන වියදම් අතර අනුපාතයේ පරතරය අවම කිරීමට කාර්යක්ෂම සහ ඵලදායී ආදායම් ඉහළ නැංවීමේ ක්‍රියාමාර්ගයන් අවශ්‍ය වෙනු ඇත.

2022-09-27
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න