රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2022 අප්‍රේල් වන විට විදේශ ණය කොටස මුළු ණයවලින් 47% ක් දක්වා වැඩි වී ඇත

ශ්‍රී ලංකාව 2021 වසර අවසන් කළේ ගෙවිය යුතු සමස්ත රාජ්‍ය ණය රුපියල් බිලියන 17,873ක් සමගිනි (දළ දේශීය නිෂ්පාදිතයෙන් 105%). 2022 පළමු කාර්තුව අවසානයේදී ගෙවිය යුතු සමස්ත රාජ්‍ය ණය රුපියල් බිලියන 21,697 දක්වා වැඩි විය. ​

2021 අවසානයේදී සමස්ත ගෙවිය යුතු රාජ්‍ය ණය ප්‍රතිශතය 37% වූ අතර 2022 වසරේ පළමු කාර්තුව වන විට එය  47% දක්වා වැඩි විය. සාමාන්‍යයක් ලෙස පසුගිය දශකයේ සමස්ත ගෙවිය යුතු රාජ්‍ය ණයවල ප්‍රතිශතයක් ලෙස දේශීය ණය 56% ක් වූ අතර විදේශ ණය 44% ක් විය. ​

2022 වසරේ මාර්තු මාසයේදී විනිමය අනුපාතය අවප්‍රමාණය වීමත් සමග රටේ විදේශ ණයවල රුපියල් අගය 2022 පෙබරවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ 68% කින් වැඩි විය. මෙය සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය ඉහළ යාමට දායක වූ ප්‍රධානතම සාධකය විය. ​

2022-08-16
2 අදහස්
Good and very important to me
H.M.D.Shanika
30 Aug 2022
PLZ SEND TO ME DOC.
ISURU LAKMAL
06 Nov 2023
ඔබේ අදහස් දක්වන්න