රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
මාධ්‍ය නිවේදනය දකුණු අසියාවේ ඉහළම විදුලි ගාස්තු ඇත්තේ ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තුව කලාපයේ රටවලට වඩා 2.5 – 3 ගුණයකින් වැඩියි!

දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල ශ්‍රී ලංකාවේ

දකුණු ආසියාතික රටවලට වඩා ශ්‍රී ලාංකිකයන් විදුලිය සඳහා 2.5 සිට 3 ගුණයකින් වැඩි මුදලක් ගෙවයි.

2023 දී ශ්‍රී ලංකාව පෙබරවාරි, ජූලි සහ ඔක්තෝබර් මාසවලදී විදුලි ගාස්තු තුන් වතාවක් සංශෝධනය කළේය. මෙම ගාස්තු වැඩිවීම් සදහා පදනම ලෙස දැක්වූයේ, විදුලිය සැපයීමේ සම්පූර්ණ පිරිවැය අයකරගත යුතු බවයි. මෙම විශ්ලේෂණය 2023 දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ ගෘහස්ත විදුලි ගාස්තු අනෙකුත් දකුණු ආසියාතික රටවල ගෘහස්ත විදුලි ගාස්තු සමඟ සංසන්දනය කරයි.

ශ්‍රී ලංකාවේ විදුලි බිල පිළිබඳ මහජන සැලකිල්ල සාධාරණීකරණය කරන සොයාගැනීම් දෙකක් මතුවිය:

1) ශ්‍රී ලංකාවේ ගෘහස්ත විදුලි ජනන පිරිවැය අනෙක් දකුණු ආසියාතික රටවලට සාපේක්ශව අතිශයින් ඉහළය (ප්‍රදර්ශිතය 1, වෙනත් රටවල සැපයුම් සඳහා වැඩිම පිරිවැයක් දරන හේතු හා සැසදීම).

2) ශ්‍රී ලාංකික කුටුම්භයන් (නිවාස) අනෙක් දකුණු ආසියාතික රටවලට සාපේක්ශව විදුලිය සදහා 2.5 සිට 3 ගුණයක් ගෙවයි (ප්‍රදර්ශිතය 2 බලන්න).

 

2024 පෙබරවාරි මාසයේ දී ගාස්තු අඩු කිරීමක් සැලසුම් කර ඇති අතර, මෙම නව ව්‍යුහය හේතුවෙන් විදුලි බිලෙහි පිරිවැය 4% හෝ ඊට අඩු ප්‍රමාණයකින් අඩු වනු ඇත. එම අඩු කිරීමෙන් පසුව පවා කලාපයේ වැඩිම විදිලි ගාස්තු ශ්‍රී ලංකාවේ වේ.

විශ්ලේෂණය පදනම් වී ඇත්තේ එකලා-විදුලි මාර්ගවලින්, මසකට විදුලි ඒකක 100 සිට 300 දක්වා පරිභෝජනය කරන නිවෙස් සංසන්දනය කිරීම මත ය (ගණනය කිරීම්වලදී රජයේ බදු ඉවත් කර ඇත). ප්‍රදර්ශිතය අංක 2 පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ ඒකක 100ක් පරිභෝජනය කිරීම සඳහා රුපියල් 5,280ක් වැය වන අතර දකුණු ආසියාවේ සාමාන්‍යය රුපියල් 2,078ට සමාන වන බවයි. ශ්‍රී ලංකාවේ ඒකක 300 ක් පරිභෝජනය කිරීම සඳහා රුපියල් 21,860 ක් වැය වන අතර දකුණු ආසියාවේ සාමාන්‍යය රුපියල් 7,340 ට සමාන වේ.

 

ප්‍රදර්ශිතය 1:

ප්‍රදර්ශිතය 2: සාමාන්‍ය දකුණු ආසියානු මිල ගණන්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ විදුලි මිල

විදුලි බිල්පත 2024 ජනවාරි 1 සඳහා ගණනය කරන ලදී

ඒකක 100

ඒකක 200

ඒකක 300

ශ්‍රී ලංකාවේ නිවෙසක් සඳහා (LKR වලින්)

5,280.0

12,960.0

21,860.0

අනෙකුත් දකුණු ආසියාතික නිවෙසක් සඳහා සාමාන්‍යය (සමාන LKR වලින්)

2,077.9

4,609.2

7,340.4

දකුණු ආසියාවේ සෙසු රටවල සාමාන්‍ය පිරිවැයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ පිරිවැය

ප්‍රතිශතයක් ලෙස

254%

281%

298%

පිරිවැය ගුණාකාරයක් ලෙස

2.5

2.8

3.0

 

සටහන: පිරිවැය ගණනය කිරීම සදහා, එක් එක් රටෙහි අදාළ බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කරන ලද තීරුබදු ව්‍යුහයන්  භාවිතා කරයි |රාජ්‍ය පාදක තීරුබදු සහිත රටවල් සඳහා, ඉහළම අනුපාතයක් ඇති ප්‍රාන්තය තෝරා ගන්නා ලදී | 2023 දෙසැම්බර් අවසානයේ නිල අනුපාතයට, මුදල් පරිවර්තනය කරන ලදී | විදුලිය මත රජය අය කරන ඕනෑම ආකාරයක බදු ගණනය කිරීම් වලදී ඉවත් කර ඇත | මූලාශ්‍ර වැඩිදුර සටහන් වල විස්තර කර ඇත.

 

මූලාශ්‍ර

Afghanistan

රටේ රාජ්‍ය පාදක ව්‍යුහය සඳහා පවතින එකම දත්ත කාබුල්හි ගාස්තු බැවින් ගණනය කිරීම සදහා පදනම් වේ

Bangladesh

ජාතික තීරුබදු ව්‍යුහය මත පදනම්ව

Bhutan

ජාතික තීරුබදු ව්‍යුහය මත පදනම්ව

India

ප්‍රාන්ත/නගර සඳහා පවතින දත්ත අතර ඉහළම අනුපාත සහිත මහාරාෂ්ට්‍රයේ තීරුබදු ව්‍යුහය පදනම්ව.

Maldives

Greater Male' Region Band සඳහා ගාස්තු අනුපාත මත පදනම්ව

Nepal

ඉහළම ඇම්පියර් අනුපාතයකින් (ඇම්පියර් 60) ජාතික තීරුබදු ව්‍යුහය පදනම්ව

Pakistan

ප්‍රාන්ත/නගර සඳහා පවතින දත්ත අතර ඉහළම අනුපාත සහිත කරච්චි හි තීරුබදු ව්‍යුහය පදනම්ව

Sri Lanka

2023 දෙසැම්බර් වන විට ජාතික ගාස්තු ව්‍යුහය සහ 2024 පෙබරවාරි සඳහා යෝජිත අඩු කළ ව්‍යුහය මත පදනම්ව

Exchange Rate

විදුලි බිල රටේ දේශීය මුදලින් ගණනය කර, 2023 දෙසැම්බර් අවසානයේ දී එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාත භාවිතයෙන් USD බවට පරිවර්තනය කර, ශ්‍රී ලංකාව හා සැසඳීම සඳහා LKR බවට පරිවර්තනය කරන ලදී.

2024-02-07
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න