රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2023 වසරේ ආරක්ෂක අංශයේ වැටුප්, සමස්ථ රාජ්‍ය අංශයේ වැටුපෙන් අඩකට ආසන්නය

2023 අයවැය ඇස්තමේන්තුවලට අනුව රජයේ සමස්ත පුනරාවර්තන වියදම්වලින් 15%ක් 2023 වසර සඳහා රජයේ සේවකයන්ගේ වැටුප් සඳහා වැය කෙරේ.

2023 වසරේ, ආරක්ෂක අංශය රාජ්‍ය වැටුප් වලින් අඩකට (48%) හිමිකම් කියනු ඇතැයි ගණන් බලා ඇත. 2023 වසර සඳහා ආංශීක ඇස්තමේන්තුගත රාජ්‍ය වැටුප් මෙහි දැක්වේ.

පහත වගුවෙහි, එක් එක් අංශවල අමාත්‍යංශවල සවිස්තරාත්මක සංයුතිය සහ ඒවායේ ඇස්තමේන්තුගත රාජ්‍ය වැටුප් පිරිවැය මුළු රාජ්‍ය වැටුප්  පිරිවැයේ ප්‍රතිශතයක් ලෙස දක්වා ඇත.

අංශය

අමාත්‍යාංශය

මුළු රාජ්‍ය වැටුපෙන් ප්‍රතිශතයක් (%) ලෙස

සුභසාධන සහ ප්‍රජා සේවා

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

0.50%

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය

3.17%

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය

0.17%

ප්‍රවාහන හා සන්නිවේදන

ජනමාධ්‍ය අමාත්‍යාංශය

2.40%

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය

1.77%

වෙනත් මධ්‍යම රජය

විදේශ කටයුතු අමාත්‍යාංශය

1.64%

විශේෂ වියදම් ඒකක

0.99%

පළාත් පාලන හා පළාත් පාලන

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

6.09%

යුක්තිය

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය

2.11%

සෞඛ්‍ය

සෞඛ්‍ය අමාත්‍යාංශය

16.81%

මූල්‍ය

මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය

1.41%

අධ්‍යාපනය

අධ්‍යාපන අමාත්‍යාංශය

8.45%

ආරක්ෂක

මහජන ආරක්ෂක අමාත්‍යාංශය

11.88%

ආරක්ෂක අමාත්‍යාංශය

36.75%

කෘෂිකර්මාන්තය

කෘෂිකර්ම අමාත්‍යාංශය

2.40%

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

0.25%

විදුලිබල හා බලශක්ති

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය

0.03%

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය

0.02%

සංචාරක ව්‍යාපාරය

සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය

0.90%

කර්මාන්ත

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය

0.09%

කර්මාන්ත අමාත්‍යාංශය

0.12%

ධීවර අමාත්‍යාංශය

0.11%

තාක්ෂණ අමාත්‍යාංශය

0.01%

ජලය හා සනීපාරක්ෂාව

ජල සම්පාදන අමාත්‍යාංශය

0.06%

වාරිමාර්ග අමාත්‍යාංශය

0.55%

නාගරික සංවර්ධන

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය

0.25%

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය

0.49%

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය

0.03%

පරිසර අමාත්‍යාංශය

0.07%

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

0.49%

ආරක්‍ෂක අමාත්‍යාංශයේ (ත්‍රිවිධ හමුදාව හැර) සහ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ පුද්ගලික දීමනා ‘වෙනත් ආරක්‍ෂාක’ වැටුප් කාණ්ඩය තුළ ඇතුළත් වේ. 2023 අයවැය ඇස්තමේන්තු වලට අනුව, පුද්ගලික දීමනා සමන්විත වන්නේ: වැටුප් සහ වේතන, අතිකාල සහ නිවාඩු දින වැටුප් සහ වෙනත් දීමනා.

2023-06-02
2 අදහස්
Good analysis. Country needs this kind of analytical insights .
R. A. Jayaweera
04 Jun 2023
It would be useful to break it down into the costs for the officer grades and lower grades.
Franklyn Amerasinghe
05 Jun 2023
ඔබේ අදහස් දක්වන්න