රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ශ්‍රී ලංකා මහ බැංකුවේ සය මාසික පෙර දැක්ම - මෙම ඉලක්ක සපුරා ගැනීමට හැකි වුවාද?

2021 ඔක්තෝම්බර් මාස, මහ බැංකු අධිපතිවරයා විසින් සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාවය සහතික කිරීම සඳහා මාස හයක පෙර දැක්මක් ප්‍රකාශයට පත් කළේය.
පොරොන්දු වූ ඉලක්ක ළගා කරගැනීම පිළිබද විමර්ශනය සදහා, තහවුරු කල හැකි සංක්‍යාත්මක ඉලක්කයන් ඇති පොරොන්දු විශ්ලේෂණය කරන ලදී

එක් එක් ඉලක්කය පිළිබඳ විස්තර සහ 2022 පෙබරවාරි අග වන විට එම ඉලක්ක වල ප්‍රගතිය පළමු වගුවෙන් දක්වා ඇත.

#

ක්‍රියාමාර්ගය

2022 මාර්තු අවසානය වන විට ඉලක්කය

සැලසුමේ සඳහන්ව ඇති පරිදි

පෙබරවාරි මස අග වන විට සාක්ෂාත් කරගැනීම

1

අපනයන වැඩි කිරීම

මසකට ඇ.ඩො. බිලියන 1.0 ට වඩා වැඩි ප්‍රමාණයක් දක්වා අපනයන වැඩි කිරීම (2021 ඉතිරි කාලය තුළ සාමාන්‍ය වශයෙන්)

ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා විදේශ විනිමය (අපනයන සහ ආයෝජන) ගලා ඒම අධීක්ෂණය කිරීම. මසකට ඇ.ඩො බිල්‍යන 1.0 ට වැඩියෙන් අපනයන වැඩි කිරීමට ඉලක්ක කිරීම (2021 වසරේ ඉතිරිකාලය තුළ සාමාන් වශයෙන්)

මාසික සාමාන්‍ය අපනයන - ඇ.ඩො බි 1.2
(2021 ඔක් සිට දෙසැ) 

2

ISB නිරාවරණය ක්‍රමිකව අඩු කිරීම සහ එම ආනුපාතිකය පවත්වාගැනීම

2021 වසර අවසන් වන විට ද.දේ.නි.යෙන් 16% ක පමණ ISB නිරාවරණයක් සහ ඉන්පසු 2024 වන විට එය ද.දේ.නි.යෙන් 10% ක් බවට පත් කිරීම

2021 අවසන් වන විට ISB නිරාවරණය ක්‍රමිකව ද.දේ.නි.යෙන් 16% කට අඩු කිරීම සහ 2024 වන විට එය 10% ක් කිරීම සහ එම අනුපාතය පවත්වා ගැනීම

2021 වසර අවසන් වන විට ISB නිරාවරණය ද.දේ.නි.යෙන් 15.9% ක් විය

3

අපේක්ෂිත දළ නිල සංචිත  වැඩි කිරීම

මාස 4 ක අපනයන

අවම වශයෙන් මාස 4 ක ආනයන ආවරණය කරගැනීමට දළ නිල සංචිත වැඩි කිරීමට අපේක්ෂිතය

 භාවිතා කළ හැකි සංචිත ආනයනය මාස 1.5 සිට මාස 0.4 දක්වා අඩු වී ඇත.

4

පොළී අනුපාතවල ස්ථාවරත්වය තහවුරු කිරීම

වසර 1ක භාණ්ඩාගාර බිල්පත් මත 7% (2021 ඔක් 1 වන විට)

පොළී අනුපාතවල සහ විනිමය අනුපාතවල ස්ථාවරත්වය තහවුරු කිරීම

වසර 1 ප්‍රාථමික වෙළෙඳපොළ භාණ්ඩාගාර බිල්පත් අනුපාතය පදනම් ලකුණු 527කින් වැඩි විය.

5

විනිමය අනුපාතවල ස්ථාවරත්වය තහවුරු කිරීම

ඇ.ඩොලරයේ අගය ශ්‍රීලංරු 200-203 අතර වන ලෙස විනිමය අනුපාතය පවත්වා ගැනීම

පොළී අනුපාතවල සහ විනිමය අනුපාතවල ස්ථාවරත්වය තහවුරු කිරීම

 පෙබරවාරි අග වන විට විනිමය අනුපාතය 48%කින් ක්ෂය විය.

6

රටේ ණය ශ්‍රේණිගත කිරීම් වැඩිදියුණු කිරීමට පහසුකම් සැපයීම

ෆිච් ණය ශ්‍රේණිගත කිරීම CCC ට වඩා ඉහළින් පවත්වා ගැනීම

රටේ  ණය ශ්‍රේණිගත කිරීම් වැඩිදියුණු කිරීමට පහසුකම් සැපයීම

2021 දෙසැම්බර් මසදී ෆිච් ශ්‍රී ලංකාව CC වෙත පහත හෙළනු ලැබී ය

7

උද්ධමනය එක් ඉලක්කමින් යුත් තනි මැද සංඛ්‍යාවක පවත්වා ගැනීම

4% සිට 6% දක්වා අගයකය උද්ධමනය පවත්වා ගැනීම

උද්ධමනය එක් ඉලක්කමින් යුත් තනි මැද සංඛ්‍යාවක පවත්වා ගැනීම- 4% 6%

2022 මර්තු වන විට උද්ධමනය 18.7% දක්වා වැඩි විය.

8

ජාත්‍යන්තර පාර්ශව සමග කෙටි කාලීන විනිමය හුවමාරු සාකච්ඡා කිරීම

ඇඩො බිලියන 1.5

ජාත්‍යන්තර  පාර්ශව සමග කෙටි කාලීන විනිමය හුවමාරු සාකච්ඡා කිරීම (ඉලක්කය: ඇ.ඩො බිලියන 1.5)

පොදුවේ ලද හැකි තොරතුරු මත පදනම්ව, ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් හුවමාරු කර ගැනීමට හැකි වූයේ ඇ.ඩො මි 400ක් පමණි. චීන යුවාන් බිලියන 10 ක හුවමාරුවක් (ඇ,ඩො බිලියන 5) සම්බන්ධව සාකච්ඡා සිදු කරන 2021 මාර්තු මසදී එකඟ වූ අතර එය 2021 දෙසැම්බර් මස ලබාගනු ලැබූවද නව වැඩපිළිවෙළක් ලෙස සැලකිය නොහැක.

9

වැඩි දියුණු කළ ශුද්ධ විදේශීය වත්කම්/ශුද්ධ දේශීය වත්කම් අනුපාතය සමග ශක්තිමත් මහ බැංකු ශේෂ පත්‍රයක්

ශුද්ධ විදේශීය වත්කම්/ශුද්ධ දේශීය වත්කම් අනුපාතය -7.3% කට වඩා වැඩි අගයක පවත්වාගැනීම

වැඩි දියුණු කළ ශුද්ධ විදේශීය වත්කම්/ශුද්ධ දේශීය වත්කම් අනුපාතය සමග ශක්තිමත් මහ බැංකු ශේෂ පත්‍රයක්

2021 ඔක්තෝබර් මස එය -7.3% දක්වාද 2021 දෙසැම්බර් මසදී -8.4% දක්වාද වෙනස් විය

10

මුදල් පනත හරහා බදු සමාව ක්‍රියාත්මක කිරීමෙන් මුදල් ගලා ඒමට පහසුකම් සැලසීම

ඇ.ඩො මිලියන 100

මුදල් පනත හරහා බදු සමාව ක්‍රියාත්මක කිරීමෙන් මුදල් ගලා ඒමට පහසුකම් සැලසීම (ඉලක්කය: ඇ.ඩො මිලියන 100)

බදු සමාව හරහා මුදල් ගලා ඒමක් සිදු වූ බවට කිසිදු තොරතුරක් පොදුවේ ලද හැකි තොරතුරුවල නොමැත.

11

තෝරාගත් උපක්‍රමික නොවන සහ ඌන උපයෝජිත වත්කම් මුදල් බවට හරවා ගැනීමට කටයුතු කිරීම

ඇඩො බිලියන 1.0

තෝරාගත් උපක්‍රමික නොවන සහ ඌන උපයෝජිත වත්කම් (ඉලක්කය: ඇ.ඩො බිලියන 1.0)

වත්කම් වෙන්කිරීම්වලින් ආදායමක් ලැබුණු බව සනාථ කරන තොරතුරක් නොමැත.

12

සතිපතා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි ප්‍රමාණය

රු.බි. 50ට අඩු

සතිපතා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි ප්‍රමාණය රු.බි 50ට අඩු

සතිපතා පිළිගත් භාණ්ඩාගාර බිල්පත් 2021 ඔක්තෝබර්  සිට 2022 මාර්තු දක්වා ශ්‍රීලංරු බිලියන 63 ක සාමාන්‍යයක් ගනී

13

රුපියලෙන් නාමනය කරන ලද රාජ්‍ය සුරැකුම්පත්වල විදේශීය රඳවා තබා ගැනීම වැඩි කිරීම

ඇඩො බිලියන 1

රුපියල්වලින් නාමනය වූ රජයේ බැඳුම්කරවල විදේශ රඳවාගැනීම 2.5% කි (ඇ.ඩො බිලියන 1)

භාණ්ඩාගාර බිල්පත්වල විදේශ රඳවාගැනීම් ශ්‍රීලංරු මිනි 789 (ඇ.ඩො මි 3.94) කින් වැඩි විය

14

SLDB ආයෝජක පදනම විවිධාංගිකරණය කිරීම සහ SLDB සඳහා විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම

ඉදිරි මාස හය ඇතුළත SLDBවල සම්පූර්ණ මූල්‍ය සැලසුමක් සකස් කිරීම

SLDB ආයෝජක පදනම විවිධාංගිකරණය සහ SLDB සඳහා විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම -ඉදිරි මාස හය ඇතුළත SLDB නැවත එලෙසම නිකුත් කිරීම සඳහා සැලසුම් සකස් කිරීම

SLDB හි අගයන් ඇඩො 2,305 සිට ඇඩො 1,835 දක්වා පහත වැටුණු අතර එය ඔක්තෝබර් 21 සිට මාර්තු 22 දක්වා 55% ක නැවත නිකුත් කිරීමක් පමණි.

2022-04-06
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න