රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2020 මාර්තු-මැයි කාල සීමාව සඳහා රජයේ වියදම් වෙන් කිරීම

2020 මාර්තු-මැයි කාල සීමාව සඳහා මුදල් වෙන් කරමින් රජය විසින් 2020 මාර්තු 10 දින චක‍්‍රලේඛයක් නිකුත් කරන ලදි.​

සමස්ථයක් වශයෙන් 2020 මාර්තු 6 1 සිට මැයි 31 දක්වා කාලය සඳහා රු. බිලියන 1,225 ක් වෙන් කර තිබේ.​

එම වෙන් කර ඇති මුළු මුදලින් 52% ක් ම ණය ගෙවීම් සඳහා වියදම් කෙරෙන අතර ඉන් රු. බිලියන 360 ක් (30%) ක් ණය ආපසු ගෙවීම් සඳහා ද, රු. බිලියන 268 ක් (22%) ක් පොලී ගෙවීම් සඳහා ද වියදම් කිරීමට අපේක්‍ෂිත ය.​

ණය සහ පොලී ගෙවීම් හැරුණුකොට එම මුළු වියදම් මුදල රු. බිලියන 596 ක් වන අතර ඉන් රු. බිලියන 445 ක් (36%) ක් පුනරාවර්තන වියදම් වෙනුවෙන් ද, රු. බිලියන 151 ක් (12%) ක් ප‍්‍රාග්ධන වියදම් වෙනුවෙන් ද වැය කෙරෙනු ඇත.​

පහත දැක්වෙන පරිදි එය විවිධ අංශ සහ අමාත්‍යාංශ අතරෙහි බෙදා දැක්වේ.​​

 

2020-07-10
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න