රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
සංක්ෂිප්ත සටහන: ශ්‍රී ලංකාවේ ණය කළමනාකරණයට නිවැරදි වාර්තාකරණයේ වැදගත්කම – චීන ණය පිළිබඳ සිද්ධි අධ්‍යයනයක්

මෙම සංෂිප්ත සටහනෙන් පෙන්වා දෙන්නේ ණය වාර්තාකරණයේදී මධ්‍යම රජයේ ආයතන වලින් පරිබාහිරව ඇති රාජ්‍ය ආයතනවල විදේශ ණය ඊට ඇතුලත් කිරීමට අපොහොසත් වීම ලංකාවේ ණය බර අවතක්සේරුවට හේතු වන බවයි. මෙයට හේතුපාදක වන එම තොරතුරුමය ගැටළුව කොටස් තුනක් ඔස්සේ මෙහිදී පැහැදිලි කර ඇත.

රාජ්‍ය විදේශ ණය සහ මධ්‍යම රජයේ විදේශ ණය අතර වෙනස පළමු කොටස තුළින් කෙටියෙන් දැක්වේ. දෙවන කොටසෙන් රාජ්‍ය විදේශ ණය සංයුතිය පිළිබඳව වාර්තාකරණය සම්බන්ධ තොරතුරු ගැටලූව චීන ණය උදාහරණයක් ලෙස ගනිමින් පැහැදිලි කරයි. මධ්‍යම රජයේ ගිණුම් වල ඇති ණය රාජ්‍ය සංස්ථාවල ගිණුම් වලට විතැන් කිරීමෙන් විදේශ ණය පිලිබඳ දත්ත වෙනස්කිරීමට හැකියාවක් ඇති බව තුන්වෙනි කොටසෙන් පෙන්වා දෙයි. අවසාන කොටසින් අවධාරණය කරන්නේ ලංකාවේ ණය බර නිවැරදි ලෙස පිළිබිඹු වන ආකාරයට ණය තොරතුරු වාර්තාකරණය වැඩි දියුණු කිරීමේ ඇති තීරණාත්මක වැදගත්කමයි.

භාගත කරගන්න

2021-02-01
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න